Sunday, June 14, 2026
Homeදේශීයපාසල් ආරම්භ කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

පාසල් ආරම්භ කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

 කොවිඩ් වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබා දුන් රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව, පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි වුව ද සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් , ශිෂ්‍ය පරතරය හා පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යා හැකි නම් සහ ප්‍රමාණවත් පන්ති කාමර, ගුරුවරුන් ඇත්නම් සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් එවැනි පාසල්වල සියලුම ශ්‍රේණි සඳහා පාසල් නැවත ආරම්භ කිරීමට අමාත්‍යංශය තීරණය කර ඇත. ඒ පිළිබඳව පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන්, විදුහල්පතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ.

Sri Lanka Schools Re Opening Open Dates
READ:   සංගීත් විජේසූරිය රෝහල් ගත කරයි (VIDEO)
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්