ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ගුවන් සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් VietJet ගුවන්සේවය හෝ චි මින් නගරය සහ කොළඹ අතර සෘජු ගුවන් සේවා අද (18) රාත්‍රියේ ආරම්භ කිරීමට නියමිතය’
මෙම නව ගුවන් ගමන් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල සතියකට ගුවන් වාර තුනක් ලෙස ක්‍රියාත්මක වන අතර මෙමගින් ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පියාසර කරන මගීන් සඳහා සෘජු ගුවන් සම්බන්ධතාවක් ලබා දෙනු ඇත.
Andrew The Travel Company, ශ්‍රී ලංකාව තුළ VietJet ගුවන්සේවය සඳහා General Sales Agent (GSA) ලෙස කටයුතු කරයි.

:දිනමිණ


