Tuesday, September 29, 2026
Homeදේශීයඡන්දය කල් දැමිමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග (VIDEO)

ඡන්දය කල් දැමිමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග (VIDEO)

ගෙවුණු 9 වනදා පැවැත්වීමට තිබූ පළාත් පාලන මැතිවරණය කකුල් මාට්ටු නවයක් යොදා අනීතික ලෙස කල්දමා ඇති බව අරගලයේ නීතිඥයින් පවසනවා.

ඒ අනුව කැබිනට් මණ්ඩලය, මහ භාණ්ඩාගාරයේ ලේකම් සහ මුද්‍රණාලාධිපති ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ඡන්දය නොපැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙස්සමක් ගොණු කර ඇති බව මධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් පැවසුවා.

නියමිත දිනයේ දී මැතිවරණය නොපැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පළාත් පාලන මැතිවරණ පනත උල්ලංඝනය කිරීමක් බව අරගලයේ නීතිඥයන් පෙන්වා දෙනවා.

රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙක් සහ කැබිනට් මණ්ඩලය එකතුවී මැතිවරණය වැලැක්වීම සඳහා මෙම නීතිවිරෝධි ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

විස්තර සහිත එම විඩියෝව පහතින්,

READ:   මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්