Thursday, July 30, 2026
Homeදේශීයසජිත් හා චීන තානා­පති අතර හමු­වක්

සජිත් හා චීන තානා­පති අතර හමු­වක්

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහ­ජන සමූ­හා­ණ්ඩුවේ තානා­පති චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා අතර සුහද හමු­වක් පෙරේදා (28) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යා­ලයේ දී සිදු විය. මෙම හමු­වේදී මෙරට චීන තානා­පති චී ෂෙන්හොං මහතා සිය ධුර කාලය තුළ ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට දැක්වූ දාය­ක­ත්වය පිළි­බ­ඳව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා සිය ස්තූතිය පළ කර සිටි­යේය.

දීර්ඝ­කා­ලීන ද්විපා­ර්ශ්වික සබ­ඳතා, ආර්ථික සහ­යෝ­ගී­තාව, ආයෝ­ජන, වෙළෙ­ඳාම, සංව­ර්ධන ආධාර සහ දෙරට අතර අඛණ්ඩ සබ­ඳතා පවත්වා ගෙන යාමේ වැද­ග­ත්කම පිළි­බ­ඳව ද මෙහිදී දෙපා­ර්ශ්වය අතර අද­හස් රැසක් හුව­මාරු විය.

චීන තානා­පති චී ෂෙන්හොං මහ­තාගේ ඉදිරි කට­යුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කළ විපක්ෂ නාය­ක­ව­රයා ශ්‍රී ලංකාව සහ චීනය අතර නිර්මා­ණා­ත්මක සහ අන්‍යෝන්‍ය වශ­යෙන් වාසි­දා­යක හවු­ල්කා­රී­ත්ව­යක් පවත්වා ගෙන යාමේ වැද­ග­ත්කම ද නැවත නැව­තත් මෙහිදී අව­ධා­ර­ණය කළේය.

රක්ෂණ ශ්‍රියන්ත (දිනමිණ)

READ:   චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වූ ශ්‍රී ලංකා බාලදක්ෂයින් ජනපති හමුවෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්