Friday, July 17, 2026
Homeදේශීයඇත් දළ හා සතුන්ගේ ශරීර කොටස්වලින් පළඳනා හදා විකුණන්න ගිය සැකකරුවන් දෙන්නෙක්...

ඇත් දළ හා සතුන්ගේ ශරීර කොටස්වලින් පළඳනා හදා විකුණන්න ගිය සැකකරුවන් දෙන්නෙක් මාට්ටු

PIC : FILE ඇත්දළ හා දිවියන් ඇතුළු වන සතුන්ගේ ශරීර කොටස්වලින් විවිධ පලඳනා සකසමින් ඒවා අලෙවි කිරීමට සූදානම් වූ දේවාල දෙකක ප්‍රධාන කපුවන් දෙදෙනකු සමඟ තවත් සැකකරුවකු ගුවන් හමුදා බුද්ධි තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේද සහාය ඇතිව වනජීවී නිලධාරි කණ්ඩායමක් විසින් පෙරේදා (15) බොරැල්ල හා පානදුර ප්‍රදේශවලදී සැකපිට අත්අඩංගුවට ගැනිණි.

ඇත්දළ සුර 8ක්, කොටියකුගේ දත් 5ක්, මුහුදු හක්බෙල්ලන් 3ක්, අඩි 2ක් දිග ව්‍යාජව සකසන ලද ඇත් දළ එකක්, ඇත් දළවලින් සකසන ලද මාලයක්, ඇත් දළ පලඳනාවක්, තිත් මුව අං 2ක් ,ඕලු මුව අං 2ක්, ඇත්දළවලින් සකසන ලද මංජුසාවක්, බ්ලැක් කොරල් කැබලි 2ක් මෙසේ සොයාගෙන ඇත. මෙයට අමතරව සැකකරුවන් සතුව ඇත්දළවලින්ම සකස් කළ මංජුසාවක්ද තිබී ඇත.- දිනමිණ වාර්තාවක් ඇසුරිනි. රක්ෂණ ශියන්ත පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ

READ:   ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අභාවප්‍රාප්ත විය.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්