Sunday, July 26, 2026
Homeදේශීයජනාධිපති ඇතුළු රජය ඉල්ලා අස්විය යුතු බව කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කරයි.

ජනාධිපති ඇතුළු රජය ඉල්ලා අස්විය යුතු බව කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කරයි.


      රට මේ වන විට  පත්ව ඇති දැවන්ත අර්බුදකාරී තත්වයේ වගකීම ජනාධිපති ඇතුළු රජය විසින් භාරගෙන, තනතුරු හා වගකීම් වලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ඇතුළු රජයෙන් තමන් ඉල්ලා සිටින බව කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කර සිටියා. 
මෙවැනි උග්‍ර අර්බුදකාරී තත්වයක් රට තුල නිර්මාණය වීමට ප්‍රධාන හේතුව  ජනාධිපති තුමන් ඇතුළු රජය වසර දෙක හමාරක් පුරාවට ගත් අත්තනෝමතික සහ අදූරදර්ශී තීන්දු තීරණ බව ප්‍රකාශ කර සිටි උන්වහන්සේ තවදුරටත් ජනතාව පීඩාවෙන් පීඩාවට පත්නොකර වගකීම් හා නිලයන් නිදහස් කොට ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව එතුමන් ප්‍රකාශ කර සිටියා.
රට මේ වන විට පත්ව ඇති අර්බුදකාරී ගැටළු මඟහරවා රට ගොඩනැගීමට  ප්‍රබල බදාවක්ව ඇත්තේ රටේ ජනතාවගේ දැඩි අවිශ්වාසය හා අප්‍රසාදය වර්තමාන රජය කෙරෙහි පැවතිම බව පැවසූ උන්වහන්සේ එලෙස තිබියදී රාජපක්ෂ පවුල තවදුරටත් බලය අත් නොහැර සිටිම සදාචාර සම්පන්න නොවන කාරණයක් බව  ප්‍රකාශ කර සිටියා. 
හැකි ඉක්මනින් ඉල්ලා අස්වී ජනතාව වෙත බලය පවරා රටේ අනාගතය ජනතාවට භාර දිය යුතු බවත්  ඉන්පසු නිර්මාණය වන අන්තර්කාලීන ආණ්ඩුවක් තුලින් ගැටළු විසදීම සඳහ පියවර ගත යුතු බවත් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියා.

READ:   පසුබට නොවි රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යෑම වේගවත් කරනවා - ජනපති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්