සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හට ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් 400කට අධික අවි තොගයක් සැපයීම එවකට හමුදාපතිව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නියෝග අනුව සිදු කරන ලද බවට ප්‍රකාශ කරන ලෙස පිල්ලෙයාන් හට ලබාදුන් උපදෙසක් සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ මුහුණු පොත පිටුවේ සටහනක් පළ කර තිබෙනවා.
එම සටහන පහතින්
:උපුටා ගැනීම
සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හට ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් 400කට අධික අවි තොගයක් සැපයීම එවකට හමුදාපතිව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නියෝග අනුව සිදු කරන ලද බවට ප්‍රකාශ කරන්නැයි උදය ගම්මන්පිල පිල්ලෙයාන්ට උපදෙස් දී තිබේ’ T 56 ගිනිඅවි 356ක් 9mm පිස්තෝල 36ක් සහ මගික්‍රො වර්ගයේ ගිනිඅවියක් ආරක්ශක අමාත්‍යාංශය හරහා පිල්ලෙයාන් කල්ලියට ලබා දී ඇති අතර ඒවා නැවත ආරක්ශක අමාත්‍යාංශයට භාරදී නොමැති බව රහස් පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.
ගල්කිස්ස අධිකරණයට පිල්ලෙයාන් ඉදිරිපත් කරන ලද අවස්ථාවේ දී මෙම තොරතුරු හෙළි වූ අතර, තම සේවාදායකයා හට සැලැසුම් සහගතව බොරු ප්‍රකාශයක් කිරීමට උපදෙස් දීම නීතිඥ ආචාරධර්ම කඩකිරීමක් ලෙසත්, එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ හැකි බවත් ජේශ්ඨ නීතිඥවරුන් ප්‍රකාශ කරති.
:උපුටා ගැනීම අවසන්



