Wednesday, June 17, 2026
Homeදේශීය"Clean Manning" වැඩසටහන ඇරඹෙයි

“Clean Manning” වැඩසටහන ඇරඹෙයි

මැනිං වෙළඳපොළ ශ්‍රී ලංකාවේ පවතින පැරණිතම සහ ප්‍රධානතම එළවළු හා පලතුරු තොග අලෙවි මධ්‍යස්ථානයයි.

වර්තමානයේ පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි මෙම අලෙවි මධ්‍යස්ථානය, වෙළෙඳ මහතුන් හට තම අලෙවි කටයුතු කරගෙන යාම සඳහා සුදුසු පාරිසරික සුවපහසුවකින් යුක්ත නොවන බව පෙනේ.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ගෙන එනු ලබන එළවළු සහ පලතුරු විකිණීම හා මිලදී ගැනීම සඳහා විශාල වෙළෙඳ මහතුන් සංඛ්‍යාවක් සහ පාරිභෝගික ජනතාවක් දිනපතා පැමිණෙන මෙම මධ්‍යස්ථානයේ පිරිසිදුභාවය මෙන්ම ජනතාවට ඇති සුවපහසුභාවය පිළිබඳව ද ගැටලු පවතින බව හඳුනාගෙන ඇත.

file

ඒ අනුව පෑලියගොඩ මැනිං වෙළඳපොළ පොදු වෙළඳ සංගමය, පෑලියගොඩ නගර සභාව, පෑලියගොඩ පොලිස් ස්ථානය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව සංවිධාන කළ මැනිං වෙළඳපොළ පරිශ්‍රය පිරිසිදු කිරීමේ “Clean Manning” වැඩසටහන ඊයේ (14) පෙරවරුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

file

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා, මැනිං වෙළඳපොළ පොදු වෙළඳ සංගමයේ සභාපතිවරයා, පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ සාමාජිකයන් සහ වෙළෙඳ මහතුන් ඇතුළු විශාල පිරිසක් එක්විය.

file
file
file
file
READ:   ජනතා අයිතියට එරෙහිව බලය පාවිච්චි කිරීමේ පූර්වාදර්ශය පරාජය කළ යුතුයි - ටිල්වින් සිල්වා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්