Tuesday, April 28, 2026
Homeදේශීයසාම පා ගමනට ගෞරව දැක්වීමට මග දෙපස එක්ව සිටින ජනතාවට පොලිසියෙන් නිවේදනයක්.

සාම පා ගමනට ගෞරව දැක්වීමට මග දෙපස එක්ව සිටින ජනතාවට පොලිසියෙන් නිවේදනයක්.

ජාත්‍යන්තර අවධානය දිනාගත් “Walk for Peace” හෙවත් සාම පාගමන සාර්ථක කර ගැනීම සඳහා මහජනතාව විනයානුකූලව සහ සංයමයෙන් යුතුව හැසිරෙන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා.

ඒ අනුව ගෞරව දැක්විමේදී සාම පා ගමනට එක්ව සිටින වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ඇතුළු පා ගමනට එක්ව සිටින දූත පිරිසට බාධාවන් නොවන ලෙස විනයානුකූලව මනා සංයමයකින් හැසිරෙන ලෙස පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සාම පා ගමන කෙරෙහි බැතිමතුන්ගේ උනන්දුව සහ ගෞරවය අගය කොට සැලිකිය හැකි වුවද, ඇතැම් ස්ථානවල ජනතාව තල්ලු කරගැනීම, තෙරපීම, අනවශ්‍ය ඡායාරූප හා වීඩියෝ ගත කිරීම, සුනඛයා ස්පර්ශ කිරීමට උත්සාහ කිරීම වැනි සිදුවීම් වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කරනවා.

එම නිවේදනය පහතින්,

file
READ:   වසරක් තුළ ලාදුරු රෝගීන් 387 ක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්