Sunday, September 13, 2026
Homeදේශීයශ්‍රී ලංකා ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමය ඇරඹෙයි

ශ්‍රී ලංකා ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමය ඇරඹෙයි

ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ පැන නැගෙන ගැටලු වෙනුවෙන් එම ක්ෂේත්‍රයේ නියැලී සිටින ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුවක් ගොඩනැන්වීමේ අරමුණින් “ශ්‍රී ලංකා ඩිජිටල් මාධ්‍ය වේදීන්ගේ සංගමය” නිල වශයෙන් එළිදැක්වීම ඊයේ (28) කොළඹදී සිදු කෙරුණා.

ඒ යූ ටියුබ් ඇතුළු ඩිජිටල් මධ්‍ය ක්ෂේත්‍රයේ මේ වන විට කැපීපෙනෙන කාර්යභාරයක් සිදු කරන මාධ්‍ය නාලිකා රැසක නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන්.

මෙම සංගමය, ඩිජිටල් මාධ්‍යවේදීන්, යූටියුබ් නාලිකා හිමිකරුවන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අතර වෘත්තීයමය වෙනසක් ඇති කරමින්, ආචාරධාර්මික රාමුවක් තුළ කටයුතු කිරීමට මග පෙන්වීම අපේක්ෂා කරන අතර ඩිජිටල් මාධ්‍යකරණය හා සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනයේදී සහ නීති සම්පාදනයේදී රජය සහ අනෙකුත් පාර්ශ්ව සමඟ සෘජුව මැදිහත් වීමට ද සූදානම්ව සිටිනවා.

මාධ්‍ය ආචාර ධර්මවලට මුල්තැන දෙමින් ජනතාවට නිවැරදි තොරතුරු වාර්තාකිරීමත් වගකිවයුතු ක්‍රමවත් මධ්‍යකරණයක් හරහා ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ සිදුවිය යුතු නව පරිවර්තනයන් සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් ඉදිරිපත් වුණා.

READ:   ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් - ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්