Monday, September 21, 2026
Homeවිදේශීයපාකිස්ථානයට ප්‍රතිචාර දක්වා ජම්මු කාශ්මීර රේඛාව අසලදී ඉන්දියාවෙන් වෙඩි ප්‍රහාරයක්

පාකිස්ථානයට ප්‍රතිචාර දක්වා ජම්මු කාශ්මීර රේඛාව අසලදී ඉන්දියාවෙන් වෙඩි ප්‍රහාරයක්

ජම්මු කාශ්මීර් රේඛාව අසලදී පාකිස්ථානයට ප්‍රතිචාර දක්වා ඉන්දියාවෙන් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන්කි සිවෙකුට හානියක් සිදුව නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පුද්ගලයින් 26 දෙනෙකුට දිවි අහිමි කරමින් ඉකුත් 22 වනදා දකුණු කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේ දී සිදු කළ වෙඩි තැබීමකින් ඉන්දියාව සහ පාකිස්තානය අතර මේ වන විට යම් නොසන්සුන්තාවයක් ඇතිව තිබෙනවා.

සංචාරකින් පිරිසක් ඉලක්ක කර එම ප්‍රහාරය එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන් පසු ඉන්දියාවේ රැඳී සිටින පාකිස්ථාන ජාතිකයින්ට ඉදිරි දින කිහිපය ඇතුළත එරටින් පිටව යන ලෙසයි ඉන්දීය රජය දන්වා ඇත්තේ.

ඊට ප්‍රතිචාර දක්වමින් පාකිස්ථානය ද එරට තුළ රැදී සිටින ඉන්දීය ජාතිකයින්ට පාකිස්ථානයෙන් පිටව යෑමට දින ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

READ:   ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බයයි - ට්‍රම්ප්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්