Sunday, September 13, 2026
Homeදේශීයකොවිඩ් එන්නත ගැන දැනුම්දීමක්

කොවිඩ් එන්නත ගැන දැනුම්දීමක්

කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගෙන නොමැති පිරිස් සිටීනම් හැකි ඉක්මණින් එම එන්නත ලබාගන්නා ලෙස, සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිරියේදී එන්නත් ගෙනඒමේ වැඩසටහනට බාධා එල්ල විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

මෙරටදී කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් එක් කෝටි හැත්තෑ ලක්‍ෂ 68,255 දෙනෙකු මේ වනවිට ලබාගෙන තිබේ. එහෙත් එම පිරිසෙන් දෙවන මාත්‍රාව ලබාගෙන ඇත්තේ එක්කෝටි හතලිස් හතර ලක්‍ෂ 83,145 දෙනෙකු පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

තුන්වන මාත්‍රාව මේ වනවිට ලබාගෙන ඇත්තේද පුද්ගලයන් 79 ලක්‍ෂ 75,617 දෙනෙකු පමණි.

දිනමිණ වාර්තාවකි

READ:   නුවරඑළියට කේබල් කාර් ව්‍යාපෘතියක්: ලෝක ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් ගෙන්වීමටත් පියවර..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්