Sunday, October 18, 2026
Homeක්‍රීඩාතුන්වන තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

තුන්වන තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

සත්කාරක නවසීලන්තය පරදා ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරඟාවලියේ අවසන් තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කළා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 218ක් රැස් කළා.

එහිදී සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා සිය මංගල විස්සයි විස්ස ශතකය පන්දු 46 කින් ලකුණු 101 ලබාගනිමින් වාර්තා කළා.

චරිත් අසලංක ලකුණු 46 (24), කුසල් මෙන්ඩිස් ලකුණු 22 (16)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළේ ලකුණු 211 පමණයි.

කෙසේවෙතත් තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පෙර පැවති තරග දෙකම ජය ගත්තේ නවසීලන්තය.

READ:   ක්‍රීඩකයෙකුගේ පන්දු යැවීම ICCය තාවකාලිකව අත්හිටුවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්