Monday, September 14, 2026
Homeදේශීයහරින් සහ මනූෂ ඉල්ලා අස්වෙයි

හරින් සහ මනූෂ ඉල්ලා අස්වෙයි

අමාත්‍යවරුන් වන හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර සිය අමාත්‍ය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

අද (09) පෙරවරුවේ මාධ්‍ය හමුවක් තබමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව සංචාරක, ක්‍රීඩා යෞවන කටයුතු ඇතුළු අමාත්‍යංශ වලින් හරින් ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වී ඇති අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් මනූෂ නානායක්කාර මහතා ඉල්ලා අස්වී තිබෙනවා.

මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය පක්ෂය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කිරීමත් සමග ඔවුන් ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයන් අහිමිව ගියා.

READ:   රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැන රජයෙන් විශේෂ ප්‍රකාශයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්