Tuesday, May 26, 2026
Homeක්‍රීඩාපෙරළිකාර ඇෆ්ගනිස්ථානය ප්‍රබල ඔස්ට්‍රේලියාව පරාජය කරයි

පෙරළිකාර ඇෆ්ගනිස්ථානය ප්‍රබල ඔස්ට්‍රේලියාව පරාජය කරයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඇෆ්ගනිස්ථානය සහ ඔස්ට්‍රේලියාව අතර තරඟය අද පැවැත්වුණා.

එම තරගයෙන් ලකුණු 21 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 148ක් රැස් කළා.

Rahmanullah Gurbaz ලකුණු 60 (49) යි. Ibrahim Zadran ලකුණු 51 (48) යි.

ලකුණු 149ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාව පන්දුවාර 19යි පන්දු 2ක් තුළ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 127ක් පමණයි.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් Gulbadin Naib කඩුලු 04ක් බිඳ දැමුවා.

Naveen – ul- Haq කඩුලු 3ක් ලබා ගත්තා.

READ:   ශ්‍රී ලංකා - කොදෙව් දෙවන විස්සයි විස්ස තරගය අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්