Thursday, April 30, 2026
Homeදේශීයඅනුර - සජිත් විවාදය 06 වෙනිදා ITN එකේ තුලාව වැඩසටහනේදී: දෙදෙනාම කැමැත්ත දෙයි

අනුර – සජිත් විවාදය 06 වෙනිදා ITN එකේ තුලාව වැඩසටහනේදී: දෙදෙනාම කැමැත්ත දෙයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර දෙපාර්ශවයේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව විවාදය විකාශනය කිරීම සඳහා තමන් සුදානම් බව දන්වමින් ස්වාධීන රූපවාහිනී සේවය ඒ දෙදෙනා වෙත ලිපි යොමු කර තිබෙනවා.

පක්ෂ නායකයින් දෙදෙනා වෙන් වෙන්ව අමතමින් අද (04) දිනැතිව මෙම ලිපි යොමුකර ඇත්තේ එහි සභාපති නීතීඥ සුදර්ශන ගුණවර්ධන විසින්.

සභාපතිවරයා එම ලිපියෙන් පවසා ඇත්තේ යෝජිත විවාදය ජුනි 06 බ්‍රහස්පතින්දා දින පැවැත්වෙන බවට නායකයින් දෙදෙනා එකඟ වී ඇති බවට පැහැදිලි වී ඇති බවයි.

තහවුරු වී ඇති එම විවාදය ජුනි 06 බ්‍රහස්පතින්දා දින රාත්‍රී 10.00 සිට ස්වාධීන රූපවහිනී නාලිකාව සතු HD මැදිරියේ දී පැවැත්වීමට තමන් පහසුකම් සලසා ඇති බවයි සභාපති නීතීඥ සුදර්ශන ගුණවර්ධන සිය ලිපියෙන් පවසා ඇත්තේ.

file
READ:   ලෝක බැංකුවේ නියෝජිතයින් අද අගමැති හමුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්