Thursday, July 23, 2026
Homeදේශීයතෙල් කාන්දු කළ ඉන්දියාවේ ‘Ark Prestige’ නැවේ කපිතාන්ට ලංකාවෙන් විදෙස් ගමන් තහනමක්

තෙල් කාන්දු කළ ඉන්දියාවේ ‘Ark Prestige’ නැවේ කපිතාන්ට ලංකාවෙන් විදෙස් ගමන් තහනමක්

ඉන්දියාවට අයත් ‘Ark Prestige’නමැති නෞකාවේ කපිතාන්වරයා වශයෙන් කටයුතු කරන ඉන්දීය ජාතික රාජ්දෙව් යාදේව්ට මාසයක කාලයක් සඳහා විදෙස් ගමන් තහනමක් පැනවූ බව වාර්තා වෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහෙස්ත්‍රාත්වරයා ඒ පිළිබඳ ආගමන විගමන පාලකවරයා දැනුවත් කිරීමටද නියම කළ බවයි කියන්නේ.

මෙම නියෝගයට හේතුව වී ඇත්තේ ‘Ark Prestige’නමැති නෞකාවෙන් මුහුදට තෙල් කාන්දුවීම බව පැවසෙනවා.
කොළඹ වරාය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අදාළ විදෙස් ගමන් තහනම පැනවු මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳ ‘Ark Prestige’නෞකාවේ කපිතාන් රාජ්දෙව් යාදේව් නමැත්තා දැනුවත් කිරීමටද පොලිසියට නියම කර තිබෙනවා.
සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කොළඹ වරාය පොලිසියේ නිලධාරීන් කොළඹ වරායේ නැංගුරම්ලා ඇති ඉන්දිය නෞකාවෙන් හයිඩ්‍රොලික් තෙල් කාන්දු වීමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළේ යැයි දැනුම් දුන්නා.

මේ සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශන මේ වෙන විටත් සිදුකරගෙන යන හෙයින් නෞකාවේ කපිතාන්වරයා විදේශගතවීම් වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වු කරුණු පිළිගනිමින් අදාළ නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට පොලිසියට නියම කළා.

READ:   ආණ්ඩුවේ ඩබල් කැබ් 1775 ටෙන්ඩරේ අවුලක්ලු රටට ඇත්ත කියන්න - හිටපු කෝප් සභාපති රජයට කියයි.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්