Friday, April 24, 2026
Homeදේශීයඅධිෂ්ඨාන අබතෙල් පහන් පූජාව හා වස්ත්‍ර පූජාවක් මතුගමදී..

අධිෂ්ඨාන අබතෙල් පහන් පූජාව හා වස්ත්‍ර පූජාවක් මතුගමදී..

වර්ෂ 2024. මැයි මස 23 වන වෙසක් මස පුර පසළොස්වක පුන් පොහොය දින ප.ව. 6.00 සිට බදුගම ශ්‍රී ධම්මානන්ද විහාරස්‌ථානයේ විහාරාධිපති පූජ්‍ය බදුගම වංගීස නායක ස්වාමීන්වහන්සේගේ මගපෙන්වීම මත පැවැත්වේ.

අති පූජනීය පයාගල කස්සප ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන්ද අති පූජ්‍ය පූජ්‍යපාද ඕපාත පවරවංශ ස්වාමීන්වහන්සේගේ මෙහෙයවීමෙන් පිංකම සිදුකෙරේ.

මේ අතර අඩු ආදායම්ලාභී පවුල්වල තෝරාගත් වැඩිහිටි මවු පියවරුන් සදහා වස්ත්‍ර පූජාවක් මැයි 26 වනදා,ප්‍රජා පොලිස් ඒකකය හා ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ඉංග්‍රීසි ආචාර්ය H.A. ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් බදුගම ශ්‍රී ධම්මානන්ද විහාරස්ථානයේදී පැවැත්වෙනවා.

මෙහිදී ආකල්ප සංවර්ධන උපදේශක ආචාර්ය දිසාන පිරිස් මහතාගේ විශේෂ දේශනයක්ද පැවැත්වීමට නියමිතයි.

මෙම පිංකමෙහි සම්බන්ධීකරණ දායකත්වය ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ හා සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා විසින් සිදු කරනු ලබයි.

මේ සදහා එක්වන ලෙස පිං කැමති ඔබ සැමට විහාරස්ථ දායක සභාව ආරාධනා කර සිටිනවා.

file
READ:   ශ්‍රී ලංකාවට වැඩ පෙන්නපු නවසීලන්තය පකිස්ථානය ඉදිරියේ දණ ගසයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්