Sunday, April 26, 2026
Homeදේශීයහදිසි නීතිය,ඇඳිරි නීතිය මහජන ආරක්ෂාව සහතික කිරීමට පමණයි

හදිසි නීතිය,ඇඳිරි නීතිය මහජන ආරක්ෂාව සහතික කිරීමට පමණයි

හදිසි අවස්ථා නීතිය හා ඇඳිරි නීතිය පනවනු ලැබූයේ සාමය, ජනජීවිතය හා මහජන සහ පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමේ එකම අරමුණ ඇතිව බව රජය ප්‍රකාශ කරයි.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස හා සාමකාමී ලෙස විරෝධය පෑමේ අයිතිය මෙන්ම මහජන සාමය හා රාජ්‍ය, පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීමට ද රජය බැඳී සිටී.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස, සාමකාමී ලෙස රැස්වීමේ හා විරෝධය පෑමේ අයිතිය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කොට ප්‍රවර්ධනය කිරීම රජය ප්‍රතිඥා දී පිළිගෙන ඇති ප්‍රතිපත්තියකි. පසු ගිය වසර දෙකට වැඩි කාලය තුළ ඒ බව ප්‍රායෝගිකව සනාථ කර ඇත.

වත්මන් ජනාධිපතිතුමා බලයට පත්වීමෙන් පසු කිසිදු සාමකාමී උද්ඝෝෂණයකට හෝ විරෝධතා පෙළපාලියකට හෝ බැටන් ප්‍රහාර, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේ නැත. ඇතැම් අවස්ථාවක විරෝධතාකරුවන්ගේ නියෝජිතයන් ජනාධිපති කාර්යාලයට කැඳවා ප්‍රශ්න සාකච්ඡා කොට විසඳුම් දෙනු ලැබීය. විරෝධතා හා උද්ඝෝෂණ සඳහා ජනාධිපති කාර්යාලය සමීපයේ වෙනම භූමි භාගයක් පවා වෙන්
කෙරිණ.

පසුගිය මාර්තු 31 බ්‍රහස්පතින්දා මිරිහාන ප්‍රදේශයේ සංවිධානය කර තිබූ විරෝධතාවේදී ඇතැම් පිරිස් කලහකාරී ලෙස හැසිරෙමින් මහජන හා පෞද්ගලික දේපලවලට අලාභහානි කළහ. ඇතැමෙකුට තුවාල සිදු විය. දේපල හානිය රුපියල් මිලියන 39 කි. පිළිගත් නෛතික ප්‍රතිපාදන ප්‍රකාර හදිසි නීතිය හා ඇඳිරි නීතිය පනවනු ලැබූයේ ජනජීවිතය, මහජන සාමය සහ මහජන හා පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිවය.

මොහාන් සමරනායක
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

READ:   දුශ්මන්ත චමීරට ආසියානු කුසලානට අහිමි වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්