ඉන්දුනීසියාවේ පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (Inter Parliamentary Union) 144 වන සමුළුවේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය සදහා කාවින්ද ජයවර්ධන හා ශානකයන් රාසමාණික්කම් යන මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ඉකුත් දා සහභාගී වුණා.
මේ අතර දැනට බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා මුහුණ පා ඇති තත්ත්වය මානව හිමිකම් උල්ලංඝනය වීමක් ලෙස සළකා,ඒ පිළිබඳව අන්තර් පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයාව දැනුවත් කිරීමටද ඔවුන් ක්‍රියාත්මක වී තිබෙනවා. එහිදී සභාපතිවරයා පොරොන්දු වී ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මානව හිමිකම් පිළිබඳ සැසිවාරයේදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට සහ අවශ්‍ය තීන්දු තීරණ ගැනීමටත් කටයුතු කරන බවටයි.
කෙසේ වෙතත්, එම සංගමයේ මානව හිමිකම් අංශයේ පැවැත්වූ සාකච්ඡාවට කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා සහභාගී වූ අතර රාමනායක හිටපු මන්ත්‍රීවරයා පිලිබඳවත් ඊට සහභාගිවූවන් දැනුවත් කිරීමට තමන් පියවර ගත්බව ජයවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට බරපතළ වැඩ සහිත වසර 4 ක සිර දඬුවමක් නියම කෙරුණේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව එල්ල කරමින්.






