Friday, July 24, 2026
Homeදේශීයශ්‍රීලනිප අර්බුදය ගැන මැතිවරණ කොමිසම අද විශේෂ සාකච්ඡාවක

ශ්‍රීලනිප අර්බුදය ගැන මැතිවරණ කොමිසම අද විශේෂ සාකච්ඡාවක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිසම පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපිරිසක් විසින් මේ වන විට තමා වෙත ඉදිරිපත් කර ඇති සියලු ලිපි ලේඛන කොමිසන් සභාව වෙත ඉදිරිපත් කරන බව මැතිවරණ කොමිසන් සභවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතා සඳහන් කළා.

එම ලිපි ලේඛන අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පවතින තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම හමුවේ සිය විරෝධතා ගොනු කර තිබුණා.

ඒ පසුගිය දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිදුකළ පත් කිරීම්වලට එරෙහිව යි.

READ:   ගම්පහ දිස්ත්‍රික්කයේ මංගල උත්සව සහ සංගීත සංදර්ශනවලට සහභාගී විමේ දි පූර්ණ එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට තීරණයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්