Sunday, September 13, 2026
Homeදේශීයදුම්රියක ගැටී සරසවි සිසුවෙක් මරුට

දුම්රියක ගැටී සරසවි සිසුවෙක් මරුට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පිඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (01) සවස මෙම අනතුර සිදුව ඇත්තේ පේරාදෙණිය පොලිස් වසමේ පැණිදෙණිය කළු පාලම අසල දුම්රිය මාර්ගයේ දී.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 24ක් වූ තල්පිටිය උතුර, වාද්දූව ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

මහනුවර සිට නාවලපිටිය බලා ධාවනය වූ දුම්රියක සිසුවා ගැටී ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

READ:   9 වෙනුවෙන් අන්තරය අද කොළඹට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්