Saturday, April 18, 2026
Homeදේශීයමෛත්‍රීපාල සිරිසේනගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

මෛත්‍රීපාල සිරිසේනගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් ඊයේ (22) සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දක්වා සිටියා.

එහිදී සිරිසේන මහතා පැවසුවේ මීට සති සති 3කට පමණ පෙර තමාට ලැබුණු තොරතුරක් මත තමන් ඊයේ එම ප්‍රකාශය සිදු කළ බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සාක්ෂි ලබා දීම තුළ තමන්ට සහ තම දරු පවුලට ද ජීවිත තර්ජන ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණයට රහසිගත සාක්ෂියක් ලබා දීමට සූදානම් බවත් සිරිසේන මහතා පැවසුවා.

තමන් කරන ප්‍රකාශය දේශපාලනයට සම්බන්ධ කාරණයක් නොවන බවත් එය අවංකව කරන ප්‍රකාශයක් බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියා.

READ:   දුමිරියක ගැටී විශ්වවිද්‍යාල සිසුවෙක් ජීවිතක්ෂයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්