2026 ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට හිමිව තිබෙනවා.
ඒත් සමඟ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2026- විස්සයි විස්ස ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබා ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ.
කණ්ඩායම් විස්සකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා කණ්ඩායම් 12ක් සෘජුවම සුදුසුකම් ලබා තිබෙනවා.


