Saturday, July 25, 2026
Homeදේශීයජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් වාර්ෂිකව සමරනු ලබන ජාත්‍යන්තර කාන්තා දිනයේ මෙවර තේමාව “ආයෝජිකාව” යන්නයි.

දියණියක් මවක් යෙහෙලියක ලෙස විවිධ භූමිකාවන් නිරූපණය කරමින් ලොවක් තනන්නට කාන්තාව සිදු කරන්නේ අසීමිත වූ කැපකිරීමක්.

ලොව පුරා කාන්තාවන්ට තවදුරටත් විදීමට සිදුව ඇති ගැහැට පිළිබඳව අවධානය යොමුකළ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1974 වසරේ දී ලෝක කාන්තා දිනය ප්‍රකාශයට පත් කළා.

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ ජාතික උත්සවය බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී අද (08) පැවැත්වීමට නියමිතයි.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ යන අයගේ ප්‍රධානත්වයෙන්.

මෙවර ජාතික කාන්තා දිනයේ තේමාව වී ඇත්තේ “ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය” යන්නයි.

READ:   කොරොනාවෙන් රට මුදාගත් හැටි ජනපති කියයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්