Wednesday, July 29, 2026
Homeදේශීයසයිනොපෙක් නවතම ඉන්ධන මිල ගණන්

සයිනොපෙක් නවතම ඉන්ධන මිල ගණන්

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 09 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 447ක්.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 458ක්.

මේ අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල ගණන්වල කිසිදු වෙනසක් සිදුකර නැහැ.

ඒ අනුව සයිනොපෙක් 92 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 368ක් වන අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 360ක්.

READ:   සයිනොපෙක් ඉන්ධන මිල වෙනස් වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්