තමාට එරෙහිව සමාජ මාධ්‍යයේ යූ ටියුබ් නාලිකාවක් හරහා එල්ල කර ඇති චෝදනාවලට දේශීය හා අන්තර්ජාතික අධිකරණ ක්‍රියාමාර්ගයක් ඔස්සේ පිළිතුරු සැපයීමට කටයුතු කරන බව රෝසි සේනානායක මහත්මිය පවසයි. දෙසතියකට පෙර ඇමෙරිකාවේ ලාස්වේගාස් හි පැවැති ලෝක විවාහක රූ රැජින තරඟාවලිය සම්බන්ධයෙන් ඊට සහභාගී වූ තරඟකාරියක් යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවක් හරහා රෝසි සේනානයක මහත්මියට දැඩි චෝදනා එල්ල කර තිබිණි.
තරඟයේ අවසන් විනිශ්චය ද යම් කිසි කෙනෙකුගේ මැදිහත්වීමකින් වෙනස් කර ඇතැයි එහි දී එම තරඟයට සහභාගී වූ බව කියන කාන්තාවක් පුන පුනා කියයි.
ඇමෙරිකානු සමාගමක් වන මිසිස් වර්ල්ඩ් ආයතනය, ඇමෙරිකානු නීතිය යටතේ එරටේම සමාගමක් වන යූටියුබ් (Google) සමාගමට මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා මේ වනවිටත් පියවර ගනිමින් සිටින බව සේනානායක මහත්මිය කියා සිටියාය.
මිසිස් වර්ල්ඩ් සමාගම මෙම යූටියුබ් නාලිකාවට එරෙහිව සිංගප්පූරුවේ ජාත්‍යන්තර වාණිජ අධිකරණයේ හමුවට යාමේ හැකියාව සොයා බලමින් සිටින බව ද සැළවී ඇත.
මීට අමතරව තමා ද, සිවිල් අපහාස නීතිය යටතේ එම යූටියුබ් නාලිකාවටත්, එහි හිමිකරුට සහ එම සම්මුඛ සාකච්ඡාවට සහභාගී වූ තැනැත්තියටත් එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා නීතිඥයන් යොමුකර ඇතැයි ද සේනානායක මහත්මිය පවසයි.
යූ ටියුබ් නාලිකාවක් හරහා එල්ල කර ඇති චෝදනාකට රෝසිගෙන් අන්තර්ජාතික අධිකරණ ක්‍රියාමාර්ගයක්
නවතම වීඩියෝ
-
🚨නිකං උඩු බුරන්න එපා!!සාම පා ගමන ගැන ඥානසාර හිමිගේ ප්‍රකාශයට ලැබුනු ප්‍රතිචාරයට යළිත් උත්තර.
-
🔴 SF පක්ෂයක නායකත්වයෙන් ආවොත් නාමල්,සජිත් හාල්කෑලි ඔක්කෝටම කෙළවෙනවා.ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දියා කිව්දේ.
-
අපි සටන් කරන විදිහ වෙනස් !!අන්තර් වි.වි.ශිෂ්‍ය බල මණ්ඩලය ආණ්ඩුවට කෙලින්ම කියපුදේ.
-
🚨සලේ විවෘත ප්‍රකාශයක් කරන්න සුදානම්!!ඔයාලා සම්බන්ධ නැතිනම් කලබල එපා!!අසීත නිරෝශන් අද හෙලිකළදේ.


