ස්වර්ගස්ත වූ බදුලු පදවි අනුනායක අති ගරු ඉග්නේෂස් පියතුමන්ගේ දේහයට කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවසන් ගෞරව දක්වන ලදී.
සගලෝ සැපත් අතිගරු ඉග්නේෂස් පියතුමන්ගේ දේහය අද දවස පුරා එතුමන්ගේ ගම් පියස වූ ගොඩිගමුව ශු.බෙනඩික්ට් මුනිදුන්ගේ දේවස්ථානයේ තැන්පත් කර තබන ලදී
එය බදුල්ල ආසන දෙව් මැදුර වෙත රැගෙන යාමෙන් අනතුරුව අද (ජනවාරි 31සඳුදා) දින අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි
බදුල්ල පදවිය ආරම්භ කරනවාත් සමග පූජකවරය ලද පළමු පූජකවරු දෙදෙනාගෙන් එක් අයෙකු වන අති ගරු ඉග්නේෂස් සේනානායක පියතුමා බඩල්ගම මීසමේ ගොඩිගමුව දේවස්ථානයෙන් ලක් කිතු සසුනට දායාද කළ.
උන්වහන්සේ සිය පූජක දිවිය තුළ බදුල්ල පදවියේ බණ්ඩාරවෙල, බිබිල , දෙහිඅත්තකණ්ඩිය, ආදී මීසම්වල ඉතා දුෂ්කරවූ සේවයක් ඉටුකළ අතර බදුල්ල උස්කොඩ් ආයතනයේද සේවය කළේය .
බදුල්ල පදවියේ ධර්මෝපදේශ අධ්‍යක්ෂ පියතුමා කලක් කටයුතු කළ අතර, ස්වර්ගස්ථ වන විට බදුල්ල පදවි අනුනායක පියතුමාද , වැල්ලවාය මීසමේ මීසම් භාර පියතුමාද ලෙස සේවය කරමින් සිටියේය.
ගරු ප්‍රැන්සිස් නික්ලස් සේනානායක පියතුමා මෙතුමාගේ වැඩිමල් සහෝදරයා වන අතර ගරු ක්ලෙමන්ට් සංජීව පියතුමා මෙතුමාගේ සහෝදරයා ගේ පුතණුවන්ය.
1956 සැප්තැම්බර් 30 දින මෙතුමා ගොඩිගමුව විසූ ලාවුස් අප්පුහාමි හා තෙරේසා මදුරාවල යන දෙපළගේ පුතුන් තිදෙනාගේ බාලම පුතනුවන්ය .
- SRI LANKA CATHOLIC NEWS







