Monday, July 27, 2026
Homeදේශීයයාපනයේ දේවස්ථානයක සුරුවම් කුටියකට හානි

යාපනයේ දේවස්ථානයක සුරුවම් කුටියකට හානි

යාපනය පේදුරුතුඩුව පොලිස් වසමේ පූලෝලි ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථානයක් තුළ තිබූ සුරුවම් කූටියක් 25 වැනිදා රාත්‍රියේ යමෙක් විසින් හානි කොට ප්‍රතිමාවට පලඳවා තිබූ රන් ආලේපිත මාලය කොල්ලකා ඇති බවට පොලීසිය පවසනවා.

පූලෝලි දකුණ ප්‍රදේශයේ පිහිටි ශාන්ත තෝමස් දේවස්ථානයේ සුරුවම් කුටියට මෙලෙස ප්‍රාහාරය එල්ලවී ඇති අතර එහිදී සුරුවම් කුටියේ වීදුරුව කඩා ප්‍රතිමාවට පලඳවා තිබූ රන් ආලේපිත මාලය මෙලෙස රැගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

අදාල සිදුවීම පිළිබඳව දේවස්ථානයේ පියතුමන්ලා විසින් පේදුරුතුඩුව පොලීසියට දැනුම් දීමෙන් න් අනතුරුව අදාල ස්ථානයට ගිය පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇතත් මේ වනතුරුත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

අදාල ක්‍රියාව ආගමික කඩාකප්පල්කාරී කටයුත්තක් නොවන බවටත් කිසියම් පුද්ගලයෙකු රන් මාලයක් යැයි සිතා එය ගැනීමේ අරමුණින් යුතුව මෙම සුරුවම් කුටියට හානි කොට ඇතැයි සැක පල කරන බවටද පේදුරුතුඩුව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
වන්නි රොමේෂ් මධුෂංඛගේ වාර්තාව Sri lanka catholic news හරහා උපුටා ගන්නා ලදී.

READ:   විදුලිය, ඛනිජ තෙල් සහ සෞඛ්‍ය අත්‍යවශ්‍ය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්