Saturday, June 6, 2026
Homeදේශීයකෑගල්ලටත් විදේශ සේවා කාර්යාලයක්

කෑගල්ලටත් විදේශ සේවා කාර්යාලයක්

කෑගල්ල විගමනික කමිටුවෙන් ඉදිරිපත් වූ ඉල්ලීමට ඇමති මනූෂගෙන් එවලේම ප්‍රතිචාර

කෑගල්ල දිස්ත්‍රිකකයට මෙතක් විශාල අඩුපාඩුවක්ව පැවති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ලබාදෙන ලෙසට කෑගල්ල දිස්ත්‍රික් විගමනික කමිටුව සහ දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කඩිනමින් දිස්ත්‍රික් කාර්යාලයක් ලබාදීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහතික විය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශයට අනුබද්ධිත සියලුම ආයතන වල සේවාවන් ගමට රැගෙන යාමේ අරමුණින් කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ සංවිධානය කර තිබූ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන අතරතුරදී අමාත්‍යවරයා වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් විය.

file

සබරගමු පළාතේ වැඩිම ජනතාවක් විදේශ රැකියාවල නිරතවී සිටින දිස්ත්‍රික්කය ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් නොමැති වීම දැඩි අඩුපාඩුවක් බව සඳහන් කරමින් කෑගල්ල දිස්ත්‍රික් විගමිනක කමිටුව විසින් මෙලෙස අමාත්‍යවරයා වෙත සිය ඉල්ලීම ඇතුලත් ලිපියක් භාරදෙනු ලැබීය.

file

ඉකුත් දෙසැම්බර් මාසයේදී දරුවන්ගේ ඉල්ලීමකට අවධානය යොමුකරමින් මෙම වසරේ මුල් දින හත තුල නුවර එළිය දිස්ත්‍රික්කයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ලබාදීමට පියවර ගැනීමටද මෙහිදි කෑගල්ල දිස්ත්‍රික් විගමනික කමිටුව සිය ප්‍රසාදය පළකර තිබු අතර එලෙසම තමන්ගේ ඉල්ලීමට කඩිනමින් පිළිතුරක් ලබාදෙනු ඇති බවට විශ්වාසය පළකරන බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

file

ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තමන් කඩිනමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ලබාදීමට පියවර ගන්නා බවයි. ඒ අනුව එම අවස්ථාවේදීම ක්‍රියාත්මක වු අමාත්‍යවරයා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට කාර්යාලයක් පිහිටුවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට උපදෙස් ලබාදුන්නේය.

:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය

READ:   21 ජයග්‍රහණයෙන් පසු සේනාධිනායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සියලුම පියවර ගන්නවා.ආරක්ෂක අංශ සීරුවෙන් තබනවා. - මනුෂ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්