Monday, April 20, 2026
Homeදේශීයඉන්දි­යා­වෙන් තවත් බිත්තර කෝටි 3ක්

ඉන්දි­යා­වෙන් තවත් බිත්තර කෝටි 3ක්

­උ­ත්සව සමයේ පරි­භෝ­ජ­නය සඳහා තවත් ආන­ය­නික ඉන්දීය බිත්තර කෝටි 3ක් (මිලි­යන 30ක්) ගෙන්වී­මට අනු­මැ­තිය ලැබී ඇති බව වෙළෙඳ වාණිජ හා අහාර සුර­ක්ෂිතා අමා­ත්‍යාං­ශයේ ලේකම් රංජිත් අත­පත්තු මහතා දින­මි­ණට පවසා තිබෙනවා.

ජන­වාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ බිත්තර මිලි­යන 60ක් ගෙන්වී­මට පසු­ගි­යදා අනු­මැ­තිය හිමි වූ බව කියා සිටි ඒ මහතා ඒ අනුව බිත්තර මිලි­යන 90ක් ගෙන්වී­මට නිය­මිත බවද සඳ­හන් කළා.

මේ අතර එළ­ඹෙන සිංහල දෙමළ අලුත් අවු­රුද්ද අව­සන් වන තුරුම ආන­ය­නය කළ බිත්තර සතො­සට ලැබෙන බවයි සතොස සභාපති පසඳ යාපා අබේ­ව­ර්ධන පවසන්නේ.

READ:   පරිත්‍යාගශීලින්ගේ ආධාර ඇතිව අලිවැටක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්