Tuesday, June 9, 2026
Homeදේශීයනවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදට (23) යෙදී තිබෙනවා.

සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම ඇතුළු ශාසන ඉතිහාසයෙහි වැදගත් සිදුවීම් කිහිපයක්ම සනිටුහන් වූ පොහෝ දිනයක් ලෙස නවම් පොහෝ දිනය සැලකෙනවා.

සංඝ සම්මේලනයක් පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුරු පිරිනැමීම රජගහනුවර වේළුවනාරාමයේදී සිදුවූ බව ශාසන ඉතිහාසයෙහි සඳහන්.

එමෙන්ම ඕවාද ප්‍රාති මෝක්ෂය දේශනා කිරීම සිදුව ඇත්තේ ද අද වැනි දිනක යි.

බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මාසයකට ප්‍රථම ආයු සංස්කාරය ඇත්හැරීම නවම් පුර පසළොස්වක පොහෝ දිනයක සිදුව තිබෙනවා.

නවම් පුන් පොහොය වෙනුවෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවලදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කෙරෙනවා.

READ:   ඖෂධ සංස්ථාවේ සභාපති ඉවත් කළේ මහා පරිමාණ ඖෂධ වංචා හෙළි වූ නිසයි - පෙරටුගාමී සමාජවාදී පක්ෂය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්