Saturday, September 12, 2026
Homeදේශීයහිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද (17) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ටික කලක් දැඩි ලෙස රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 83 වන වියෙහි පසුවුණා.

ගාමිණී ජයවික්‍රම පෙරේරා ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවූ ප්‍රධාන පෙලේ දේශපාලනඥයෙකු වෙනවා.

ඒ මහතාගේ දේහය දේහය කුරුණෑගල, කටුගම්පල පිහිටි ඒ මහතාගේ නිවසේ තැම්පත් කිරීමට නියමිතයි.

පවුලේ ඥාතීන් සදහන් කළේ ගාමිණි ජයවික්‍රම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පිලිබදව ඉදිරියේදී දැනුම් දෙන බවයි.

READ:   ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්