Sunday, June 14, 2026
Homeදේශීයමෛත්‍රීපාල අෆ්රීන් අක්තර් සමඟ ඇමෙරිකාවේදී සාකච්ඡාවක

මෛත්‍රීපාල අෆ්රීන් අක්තර් සමඟ ඇමෙරිකාවේදී සාකච්ඡාවක

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් මහත්මිය අතර හමුවක් ඊයේ (14) ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී පවත්වා තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වයන් පිළිබඳව එහිදී දීර්ඝ සාකච්ඡාවක නිරත වී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික වී සකස් කරන සන්ධානය සම්බන්ධයෙන් සහ ද්විපාර්ශවික කරුණු සම්බන්ධයෙන් ඉතා සාර්ථක සාකච්ඡාවක නිරත වූ බව සඳහන්.

රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් අක්තර් මහත්මිය සමඟ ඵලදායී සාකච්ඡාවක නිරත වූ හිටපු ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවට දක්වන නොමසුරු සහයෝගය පිළිබඳව ද සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදේශ කටයුතු ලේකම් සජින්ද වාස් ගුණවර්ධන, ශ්‍රීලනිප මධ්‍යම කාරක සභික, ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ සභාපති ආචාර්ය චමිල ලියනගේ යන මහත්වරුන් ද සහභාගී වුණා.

READ:   රට ගොඩදාන්න සජිත්ටත් බෑ අනුරටත් බෑ කිසිම පක්ෂයකට තනිව බෑ!! - මෛත්‍රීපාල ගෙන් යෝජනාවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්