Monday, April 20, 2026
Homeදේශීයඅල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ තනතුරට අයඳුම්පත් කැඳවයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ තනතුරට අයඳුම්පත් කැඳවයි

2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතෙහි විධිවිධාන යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා සුදුසුකම්ලත් තැනැත්තන් අදාළ අයදුම්පත්‍ර පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) ක්ෂණික සබැඳි යටතේ “අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත්කිරීම” නමින් පලකර ඇති ආකෘතිය අනුව පිළියෙල කළ යුතුයි.

එලෙස නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2024, මාර්තු මස 4 වැනි දින හෝ ඊට පෙර ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම්,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව-කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු බවත් සඳහන්.

එමෙන්ම ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ / විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් “අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම” යනුවෙන් සඳහන් කළ යුතු වෙනවා.

මේ සඳහා වන පුවත් පත් දැන්වීම මේ මස 11 සහ 12 යන දිනවල ජාතික පුවත්පත්වල පළ කෙරෙනවා.

READ:   ටීඑන්ඒ ජිනීවා ලියවිල්ල ගැන සාකච්ඡාවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්