Monday, July 27, 2026
Homeදේශීයසැකකරුවන්ගේ ලැයිස්තුවෙන් 7,494ක් අත්අඩංගුවට

සැකකරුවන්ගේ ලැයිස්තුවෙන් 7,494ක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුමට සමගාමීව දිවයිනේ සියලු පොලිස් මූලස්ථානවලට යොමු කළ සැකකරුවන් 44,794 දෙනෙකුගේ ලැයිස්තුවෙන් සැකකරුවන් 7,494ක්, පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි වරෙන්තුකරුවන් 4,088 දෙනෙකු අතරින් පුද්ගලයින් 1,191 ක්.

මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි වරෙන්තුකරුවන් 33,936 දෙනෙකු අතරින් පුද්ගලයින් 5,708 ක්.

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 4,258 දෙනෙකු අතරින් සැකකරුවන් 266 ක් සහ

අපරාධ වලට අවශ්‍ය බවට හදුනාගෙන සිටි සැකකරුවන් 2,485 දෙනෙකු අතරින් සැකකරුවන් 329 ක්ද දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.

READ:   රාගම වෙඩි තැබීමක්: පුද්ගලයෙකු මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්