Thursday, July 23, 2026
Homeදේශීයබන්ධනාගාරේ ඉන්න කෙහෙළිය බෙහෙත් බොන්න බෑ කියයි. පෞද්ගලික රෝහලක සැප ඉල්ලනවලු.

බන්ධනාගාරේ ඉන්න කෙහෙළිය බෙහෙත් බොන්න බෑ කියයි. පෞද්ගලික රෝහලක සැප ඉල්ලනවලු.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ, මේ වන විට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙරට බෙහෙත් ප්‍රතික්ෂේප කරන බවත් ඒ වෙනුවට සිංගප්පූරුවෙන් ගෙන්න ගත් පුද්ගලික බෙහෙත් ඉල්ලා සිටින බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.

මේ අතර හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර රෝහල වෙනුවට පෞද්ගලික රෝහලක් ඉල්ලා ඇති බවත් ඔහු සඳහන් කළා.

ප්‍රශ්නගත හියුමන් ඉමියොනොග්ලොබියුලීන් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර ඉන් පසු ඔහු එදිනම ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් වුණා.

READ:   QR ලියාපදිංචිය පැය 48 කට නවති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්