Tuesday, April 28, 2026
Homeක්‍රීඩාසටන්කාමී ඇෆ්ගනිස්ථාන කණඩායම අද දිවයිනට

සටන්කාමී ඇෆ්ගනිස්ථාන කණඩායම අද දිවයිනට

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය සහ එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගීවීමේ අරමුණින් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද (30) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි.

ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පුහුණු තරගයක් නොමැතිව ලබන 2 වනදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව සිය කුළුදුල් ටෙස්ට් තරගයට සහභාගී වෙනවා.

මේ අතර එක්දින තරග තුන පෙබරවාරි 9, 11 හා 14 දිනවලදී මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී දිවා – රාත්‍රී තරග ලෙස පැවැත්වෙනවා.

දෙරට අතර විස්සයි විස්ස තරග තුන පැවැත්වීමට නයමිතව ඇත්තේ ලබන 17,19 සහ 21 දිනවලදී රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.

READ:   දෙවන විස්සයි විස්ස තරගය අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්