Saturday, April 25, 2026
Homeදේශීයපොලිස් නිලධාරී අනුරාධ ජයකොඩිගේ අවසන් කටයුතු සිදු කෙරේ.

පොලිස් නිලධාරී අනුරාධ ජයකොඩිගේ අවසන් කටයුතු සිදු කෙරේ.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමඟ රිය අනතුරින් මිය ගිය ඔහුගේ පොලිස් ආරක්ෂක නිලධාරි කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතාගේ අවසන් කටයුතු අද (27) පස්වරුවේ සිදු කෙරුණා.

ඒ මහනුවර මරවනාගොඩ පොදු සුසාන භූමියේ දී.

මේ අතර ඒ මහතා ඉකුත් 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් සැරයන් තනතුරට උසස් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා.

එම නිලධාරියාගේ පවුල වෙත රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබාදීමට ද වැඩබලන පොලිස්පතිවරයා කටයතු කර තිබුණේ ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේදීයි.

READ:   සනත් නිශාන්තයි මායි එක වල්ලේ පොල් - චාමරගේ ශෝකය එළියට ආව හැටි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්