Saturday, September 12, 2026
Homeදේශීයනාරම්මල රත් කළ පොලිස් වෙඩිල්ල ගැන පොලිසිය කියන කතාව

නාරම්මල රත් කළ පොලිස් වෙඩිල්ල ගැන පොලිසිය කියන කතාව

නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේ දී උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් වෙඩි වැදී ලොරි රථයක රියදුරෙකු මියයාම සම්බන්ධයෙන් පොලිසිය අද (19) මාධ්‍යට කරුණු දක්වා සිටියා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ අදාළ උප පොලිස් නිලධාරියා නොසැලකිලේන් කටයුතු කර ඇති බව විමර්ශන වලදී හෙළිව ඇති බවයි.

වෙඩි වැදීමෙන් රියදුරු ඊයේ (18) රාත්‍රියේ මරණයට පත්ව තිබූ අතර එම සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශවාසින් නාරම්මල පොලිසිය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණා.

එහිදී විරෝධතාවය පාලනයට පොලිස් විශේෂ කාර්ය බලකාය ද පොලිසියට කැඳවීමට සිදුවුණා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   රටක් කතා කළ අතුරුදන් වූ පොලිස් නිලධාරියාගේ නිසල සිරුර හමුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්