Monday, September 14, 2026
Homeදේශීයබෝධිසත්වයා යැයි කියන මහින්ද අත්අඩංගුවට

බෝධිසත්වයා යැයි කියන මහින්ද අත්අඩංගුවට

බෝධිසත්වයකු යැයි පවසමින් දේශනාවන් පැවැත්වූ මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පන්නිපිටිය ප්‍රදේශයේ දී.

මහින්ද කොඩිතුවක්කු නැමති පුද්ගලයාට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා තහනම් නියෝගයක් ද නිකුත් කළා.

ඒ ඔහු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

පසුගියදා මොහු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා දවයිනට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

ඔහුගේ අනුගාමිකයන් ඔහුට වැඳුම් පිදුම් කරන ආකාරය දැක්වෙන වීඩියෝවන් සමාජ මාධ්‍යට එක්වීමත් සමග ඔහු සම්බන්ධයෙන් සමාජයේ වඩාත් කතාබහට ලක් වුණා.

READ:   අර්ජුන රණතුංග ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස පත්කෙරේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්