Sunday, April 19, 2026
Homeදේශීයඅල්ලස් ගන්න සේවකයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත්ත ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති දොට්ට? -...

අල්ලස් ගන්න සේවකයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත්ත ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති දොට්ට? – ස්වාධීන සේවක සංගමය

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ, වර්තමාන සභාපතිවරයා එම ධුරයෙන් පන්නා දැමීමට අප්‍රසන්න බියගුළු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව එම ආයතනයේ ස්වාධීන සේවක සංගමය පවසනවා.

ඒ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ස්වාධීන සේවක සංගමයේ ලේකම්වරයාගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින්.

රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය සහතිකය ලබා ගැනීමට දෛනිකව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත පැමිණෙන පන්දහසකට ආසන්න සේවා ලාභීන් නොමග යවමින් විවිධ උපක්‍රම භාවිත කර ඔවුන් රවටා අල්ලස් ගන්නා ආයතනයේ දූෂිත නිලධාරීන් පිරිසක් වත්මන් සභාපතිවරයා ඉවත් කිරීමට උත්සහ ගන්නා බවයි නිවේදනයේ සඳහන් වන්නේ.

වංචනික ලෙස කටයුතු කරන එම දුෂිත නිලධාරින් සම්බන්ධයෙන් ආයතනයේ වත්මන් සභාපතිවරයා දැඩි ලෙස ක්‍රියාමාර්ග ගැනීම ඊට හේතුව බවත් ස්වාධීන සේවක සංගමය පෙන්වා දෙනවා.

එම සංගමය නිකුත් කර ඇති නිවේදනය පහතින්,

file
file
file

මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් වීඩියෝව පහතින්,

READ:   මොන්ටිසෝරි ටීචර් දරුවන්ගේ පංචායුධ ටික සුද්ද කරළා
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්