Thursday, June 4, 2026
Homeදේශීයසියලුම බස් රථවලට CCTV කැමරා

සියලුම බස් රථවලට CCTV කැමරා

හිංසන හා අපචාර සිදුවීම් පිළිබඳ අවධානය යොමු කරමින් සියලුම මගී ප්‍රවාහන සේවා බස් රථ තුළ CCTV කැමරා පද්ධතීන් සවි කිරීමට නියමිත බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව පැවසුවා.

පොදු මගී ප්‍රවාහන සේවාවන් තුළදී කාන්තාවන්ට සිදුවන හිංසන කැමරා සවිකිරීම තුළින් යම් ප්‍රමාණයකට අඩු වෙතැයි අප අපේක්ෂා කරන බවත් ඒ අනුව මෙම යෝජනාව වගකිවයුතු පාර්ශව වෙත යොමු කිරීමට අවධානය යොමු කරන බවත් ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළා.

ඒ අනුව මගී ප්‍රවාහන සේවා බස් රථ සඳහා ලබා දෙන වාර්ෂික බලපත්‍රයේ බලපත්‍ර කොන්දේසියක් ලෙස කැමරා සවි කිරීම ඇතුළත් කිරීමට අවධානය යොමුව තිබෙනවා.

READ:   දවසේ විදුලි කප්පාදුව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්