Wednesday, July 29, 2026
Homeක්‍රීඩාබංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් පාර්ලිමේන්තුවට

බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් පාර්ලිමේන්තුවට

බංග්ලාදේශයේ ඊයේ පැවති මැතිවරණයෙන් ජය ගැනීමට එම මැතිවරණය සඳහා ඉදිරිපත් වූ බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් සමත්ව තිබෙනවා.

ඒ අනුව ශකීබ් වැඩි ඡන්ද 150,000කින් සිය ආසනය දිනා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

බංග්ලාදේශ මැතිවරණය සඳහා එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා නායකත්වය දරන ආවාම් ලීගය පක්ෂයෙන් ශකිබ් මැතිවරණයට ඉදිරිපත් වුණා.

බංග්ලාදේශ මහ මැතිවරණයෙන් එරට අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා යළික් වරක් ජය ගනිමින් 5 වන වරටත් එරට අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්වුණේ අවාම් ලීගය පක්ෂය නියෝජනය කරමින්.

READ:   කිරුළ හිම් ශූරයන් තීරණය කෙරෙන IPL අවසන් මහා සටන ඇරඹේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්