ඉන්දියාවේ ZEE TAMIL නාලිකාව විසින් සංවිධානය කළ සරිගමප ලිටිල් චැම්ප් කිරුළ දිනා ගත් යාපනයේ පදිංචි කිල්මිෂාට සංගීත කේෂ්ත්‍රයේ ඉදිරි ගමන වෙනුවෙන් විශේෂ අවස්ථාවක් ලැබී තිබෙනවා.
ඒ ඉන්දියාවේ ප්‍රසිද්ධ සංගීතඥයකු වන ශ්‍රිනිවාස් මහතාගේ මැදිහත් වීමෙන්.
ඒ අනුව මුරුගන් පන්සලේ ගීතය වෙනුවෙන් ඇයව දායක කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ ලිටිල් චැම්ප් වේදිකාවේ දී කිල්මිෂා දියණියට ඔහු ලබා දුන් පොරොන්දුවකට අනුවයි.
ශ්‍රිනිවාස් මහතා සරිගමපා වැඩසටහන් මාලාවේ තරග විනිසුරුමඩුල්ලේ කටයුතු කළා.
තමාට ලැබණු අනගි අවස්ථාව සම්බන්ධයෙන් කිල්මිෂා, ශ්‍රිනිවාස් මහතාට ඇතුළු එරට අනෙකුත් සංගීතඥයින්ට සිට ස්තුතිය පුදකර තිබුණා.





