Tuesday, May 26, 2026
Homeදේශීයඅද සිට මිල වැඩි වෙන භාණ්ඩ හා සේවා ලැයිස්තුව

අද සිට මිල වැඩි වෙන භාණ්ඩ හා සේවා ලැයිස්තුව

මතෙක් 15% ක් ව පැවති වැට් බද්ද අද (01) සිට 18% දක්වා ඉහළ යනවා.

ඒ අනුව මෙතෙක් වැට් බදු අය කළ සෑම භාණ්ඩයක සහ සේවාවක ද මිල අවම වශයෙන් 3% කින් ඉහළ යනවා.

මේ අතර මෙතෙක් වැට් අය නොකළ භාණ්ඩ රැසකට ද අද සිට වැට් බදු පැනවෙනවා.

ඩීසල් ගෑස් පෙට්‍රල් වැනි අනෙකුත් භාණ්ඩ රැසක මිල ඉහළ යාමට හේතුවන භාණ්ඩ ද ඊට ඇතුළත්.

පෙට්‍රල් සහ ඩීසල් වලට 18%ක වැට් බද්ද පැනවෙද්දී මෙතෙක් එහි මත පනවා තිබූ 7.5% ක් වන වරාය සහ ගුවන්තොටුපොළ බද්ධ ඉවත් කර තිබෙනවා.

ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් මත පැටවෙන වැට් බද්ද 10.5%ක් ලෙස දැක්විය හැකියි.

මේ අතර ගෑස් සඳහා ද පනවා තිබූ වරාය සහ ගුවන්තොටුපොළ බද්ධ වන 2.5% ක බද්ද ද ඉවත් කර තිබෙනවා.

ඒ අනුව නව වැට් බදු සංශෝධනයට අනුව ගෑස් මිල 15.5% කින් ඉහළ යාමට නියමිතයි.

වැට් බද්ද ඉහළ දැමීම සමග අද සිට දුරකථන ගාස්තුව 3% කින් ඉහළ දැමීමට එම සමාගම් තීරණය කර තිබෙනවා.

එම සමාගම් පෙන්වා දෙන්නේ අන්තර්ජාල සේවා සඳහා දැනට පවතින 20.3% ක බදු ප්‍රතිශතය 23.5% දක්වා ඉහළ යන බවයි.

මේ අතර රුපියල් ලක්ෂයක් පමණ වටිනාකමකින් යුත් දුරකථනයක් සඳහා රුපියල් 18,000ක බදු ප්‍රමාණයක් ගෙවීමට සිදු වන බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයනය සහ විකුණුම් කරුවන් ගේ සංගමය පවසනවා.

අද සිට ජල ගාස්තුව 3%කින් ඉහළ දමන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

වැට් බදු සංශෝධනය හේතුවෙන් අද සිට මත්පැන් මිල 3% කින් ඉහළ යන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

දෙවන ක්‍රිලෝ මීටරය සඳහා අය කරන රුපියල් 80 ක ගාස්තුව රුපියල් 100 දක්වා ඉහළ දමන බව ජාතික ඒකාබද්ධ ත්‍රී රෝද රියදුරන්ගේ සංගමය පැවසුවා.

READ:   "යාල් නිලා" ගමන් අරඹයි

මේ අතර අද සිට බත් පැකැට්ටුවක මිල 25 කින්, ප්ලේන්ටියක් රුපියල් 5කින්, කිරි තේ එකක් රුපියල් 10කින්, ෂෝටිස් වර්ග රුපියල් 10කින්, රයිස් ඇන්ඩ් කරි , කොත්තු සහ ෆයිඩ් රයිස් රුපියල් 25කින් ද මිල ඉහළ යන බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්