Monday, August 3, 2026
Homeදේශීයඉන්දියාවේ රියැලටි කිරුළ දිනූ කිල්මිෂා දිවයිනට (ඡායාරූප)

ඉන්දියාවේ රියැලටි කිරුළ දිනූ කිල්මිෂා දිවයිනට (ඡායාරූප)

ඉන්දියාවේ Zee Tamil නාලිකාවේ විකාශය වූ SaReGaMaPa Li’l Champs Season 3 තරගාවලියේ කිරුළ හිමි කරගත් ශ්‍රී ලාංකික දියණියක් වන යාපනයේ පදිංචි කිල්මිෂා මෙරටට පැමිණ තිබෙනවා.

ඒ අද (28) දහවල් ඉන්දියාවේ සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා යි.

එහිදී ඇය පිළිගැනීමට ගුවන් තොටුපළ වෙත විශාල ජනකායක් රැස්ව සිටි බව වාර්තා වෙනවා.

පැමිණ සිටි සියලුම දෙනා හට ගුවන් තොටුපළ වෙත යාමට අවසර නොලැබීම නිසාවෙන් ඔවුන් ගුවන් තොටුපළ අවට රැඳෙමින් ඇය වෙත සුබපැතුම් එකතු කළ බවයි වාර්තා වන්නේ.

අනතුරුව විශාල රිය පෙරහැරකින් ඇයව යාපනය නගරය වෙත කැඳවා ගෙන යාමට යාපනයේ ජනතාව කටයුතු යොදා තිබෙනවා.

මේ අවස්ථාවට ඇගේ දෙමව්පියන් හා ඥාතීන් ද එක්ව සිටිනවා.

file
file
file
file
READ:   අස්වැසුම පෝලිමේ පුද්ගලයෙක් මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්