Thursday, April 23, 2026
Homeදේශීයමිල්කෝ සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි

මිල්කෝ සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි

මිල්කෝ සමාගමේ සභාපති රේණුක ද සිල්වා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර තිබෙනවා.

තම සේවා කාලය තවත් මාසයක කාලයක් ඉතිරිව තිබියදී ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඒ මහතා යොමු කළ ලිපියෙහි සඳහන්.

ඒ රජයේ ප්‍රතිපත්ති තීරණයක් මත මිල්කෝ ආයතනය පෞද්ගලීකරණය කිරීම සහ ඉන්දියානු සමාගමක් හා ඒකාබද්ධ කිරීමට කටයුතු ආරම්භ කර ඇති පසුබිමක ආයතනයේ ඉදිරි ප්‍රගමනය සඳහා මෙහෙයවීමට තම කාලය වැය කිරීම ථලදායි නොවන බව දන්වමින්.

2022 වසරේ ජනවාරි 21 සිට රේණුක මහතා මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

file
READ:   දේශීය ණය ප්‍රශස්තිකරණය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්