Thursday, July 23, 2026
HomeදේශීයUPDATE: පැය 24ක් තුළ සැකකරුවන් 2,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට

UPDATE: පැය 24ක් තුළ සැකකරුවන් 2,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක “යුක්තිය” විශේෂ මෙහෙයුමේ දී විශාල සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සැකකරුවන් 2121ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

විමර්ශනවලදී සැකකාරියන් 101 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙනවා.

එම පිරිසෙන් සැකකරුවන් 12 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.

එසේම සැකකරුවන් 5 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර පුද්ගලයින් 133 දෙනෙකු පුනරුත්ථාපනයට යොමු කර ඇති බවස පොලීසිය සඳහන් කරනවා.

READ:   පොලිස් උප පරීක්ෂකවරයෙකු සිවිල් පුරවැසියන්ට වැඳ සමාව ගනී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්