Sunday, April 19, 2026
Homeදේශීයරට යළි කැලඹු කහවත්ත ඝාතනය නොසිතූ අතකට: මවගේ මරණය සම්බන්ධයෙන් දියණිය අත්අඩංගුවට

රට යළි කැලඹු කහවත්ත ඝාතනය නොසිතූ අතකට: මවගේ මරණය සම්බන්ධයෙන් දියණිය අත්අඩංගුවට

කහවත්ත, වැල්ලදුර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී 71 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට ඇගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 13 වනදා අලුයම ගෙල කපා අදාළ කාන්තාව ඝාතනය කර තිබියදී ඇගේ සිරුර නිවසේ තිබී සොයා ගැණුනා.

මියගිය කාන්තාව සහ දියණිය එම නිවස තුළ පදිංචිව සිට ඇති අතර දියණිය නිවසින් බැහැරව ව ගිය අවස්ථාවක මෙම මරණය සිදුව ඇති බව සඳහන්.

කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් කහවත්ත පොලිසිය සිදුකළ විමර්ශනයට අනුව අදාළ කාන්තාවගේ දියණිය වන 38 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මේ දක්වා සිදු කළ පොලිස් විමර්ශනයට අනුව එම ඝාතනය සිදුකර ඇත්තේ ඇගේ දියණිය බවට අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මිට වසර කිහිපයකට පෙර කහවත්ත ප්‍රදේශ ගණනාවකින් අභිරහස් ඝාතන රැල්ලක් වාර්තා වූ අතර එහිදී වයස් ගත කාන්තාවන් කිහිපදෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව එවකට වාර්තා වුණා.

මේ හේතුවෙන් යළිත් වරක් කහවත්ත, වැල්ලදුර ප්‍රද්ශය තුළ සිදුවූ මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු ව තිබුණා.

READ:   බයික් එකෙන් ගිහින් මත්ද්‍රව්‍ය බෙදූ කපල් එකක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්